අන්තරජාලයෙන් මුදල්.. නිවසේ සිටම රැකියාවක්.. මාසෙකට 40,000ක් හොයන්න.. මාසෙකට 80,000ක් හොයන්න... ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න..
මන් හිතනව මේ වදන් ගොඩක් අයට පුරුදු ඇති කියල.ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න කවුද අකමැති නේද... එහෙම දැකපු ගමන් හැමෝම බලනව මොකද්ද මේ කියල. හරි.. දැන් මාතෘකාවට එමු..
දැන් කාලෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය පෙලඹිල ඉන්නව. ඒ හැමෝම මේක ගැන හොයන්නෙ අනිත් මුදල් උපයන ක්‍රම වලට වඩා මේක පහසු දෙයක් කියල හිතල.. ඒත් ඇත්තටම මේක පහසු දෙයක්ද? ඔව්.. පහසුයි තමා, හැබැයි පටන් ගත්ත ගමන් නෙමේ. මේ field එකේ මුලින් ටිකක් මහන්සි වෙලා කට්ට කාල ඉවසීමෙන් වැඩ කරල හොඳට පදම් වෙච්ච අයට ටික කාලෙකට පස්සෙ මේක පහසු දෙයක් වෙනව.
මන් අහල, දැකල තියනව ගොඩක් මේ Internet money කරන්න ආපු අය ඒක වැඩක් නෑ කියල හෙම්බත් වෙලා වැඩේ අතහැරල දානව. ඒ අයට එහෙම වෙන්නෙ ඇයි? එහෙම කරන්න එක හේතුවක් තමා ඉවසීම නැති කම. තව දෙයක් තම පටන් ගත්ත ගමන් තමන් හිතන තරම් මුදලක් අතට නොලැබෙන එක. අනිත් එක හිතන තරම් ඉකමනට මුල් කාලෙදි සල්ලි ඉක්මනට ගන්න බැරි වෙන එක. ලොකුම දේ තමා Internet money කියල කරන දේවල් වලින් සල්ලි ගන්න බැරි දේවල් කරන්න උත්සහ කිරීම. ගොඩක් වෙලාවට ඒ දේවල් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල හිතෙන ඒව. ඒ අයට මෙහෙම වෙන්නෙ ඇයි කියල මන් ඉස්සරහට කත කරන්නම්. Internet එකෙ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද? සරලව පටන් ගමු.
1. PTC (Paid To Click)මේක ගැන ඉතින් ගොඩක් අය දන්නවනෙ. ලංකාවෙ කට්ටිය කරන්නෙම ඕක තමා. ඇයි ඉතින් හරි ලේසිනෙ. ads click කියන්නෙ යම් web site එකක දීල තියන වෙළඳ දැන්වීම් නරඹන එක. ඒත් ඕක කරල මාසෙකට කීයද හොයන්න පුළුවන්? $1ක් වත් බෑ. තරමක් හොඳ ගාණක් හොයන්න පුළුවන් හැබැයි ඒකට ads click විතරක්ම කරල මදි. අපි ads click කරන site එකෙන් referrals ල හොයාගන්න ඕන. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න කිවුහම කට්ටිය කම්මැලි. මොකද හැමෝටම ඕන ලේසියට සල්ලි හමබ කරන්නනෙ. වැඩි විසතර සදහා මෙතැන ඔබන්න
2. හරි. ඊළඟ ක්‍රමේ ads click වලට වඩා ටිකක් advanced ඒක තමා Micro jobs. ඇත්තටම මේකෙන් adsclick කරල මාසෙකට හොයන ගාන එක දවසෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නෙ $1ක් එක දවසෙන් හොයන්න පුළුවන්. හරියට වැඩ කරන්වනම් හා වැඩ දන්නවනම්. මේක මොනවද කරන්න තියෙන්නෙ? ඇත්තටම එකක් කියල හරියටම කියන්න අමාරුයි. මොකද එක එක වෙලාවට එක එක වැඩ දෙනව. කෙටියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට කියනවනම්, facebook like දාන්න, youtube comment කරන්න. එක එක site වල register වෙන්න වගේ දේවල්. හැබැයි මීට වඩා වෙනස් ඒත් මේවගෙ ලේසි දේවල් ඔයලට කරන්න ලැබෙනව. මේව කරන්නෙ කොහොමද කියල ටිකක් ඉගෙනගන්න ඕන. ඒව ගැන මන් වෙනම් post වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව.
3.ඉන්ටෙර්නෙට් වලින් සල්ලි හොයන්න පුළුවන් තව දෙයක් තමා google adsense. තමන්ටම blog එකක් web site එකක් තියනවනම් ඒව google adsense program එක හරහ අරගෙන blog එකට දාල ඒ blog එකට එන visitors ල click කළොත් ඒකෙන් commsion එකක් ලැබෙනව. මේක blog වලින් විතරක් නෙමේ. youtube හරහත් කරන්න පුළුවන්.
4. තව දෙයක් තමා forex. මේ forex කියන්නෙ කෙටි වචනයක්. මේකට කියන්නෙ foreign exchange කියල. ඒ කියන්නෙ ඒ කියන්නෙ විදේශ විනිමය හුවමාරුව. A/L Commerce කරපු අයට නම් මේක තේරුම් ගන්න පහසු ඇති. හැබැයි theory වලට වඩා මේක practicle කරනකොට පැහැදිලි වෙනසක් තියනව. ඒ නිසා මේක කරනකොට ඕනම කෙනෙක් මේ ගැන A-Z ඉගෙනගෙන කරන්න. එහෙම නැති වුනොත් තමන් invest කරපු මුදලවත් ලැබෙන එකක් නෑ. අනික මේක කරන්න මුලින් අපි ගාව යම් මුදලක් තියෙන්නෙ ඕන ආයෝජනය කරන්න. හරියට කළොත් ගොඩ තමා.
5. සල්ලි හොයන තව විදිහක් තමා තමංගෙ තියන skills වලින් වැඩ ගන්න එක. ඒ කියන්නෙ ඔයා computer field එකේ මොනවහරි දෙයක් ගැන ඉගෙනගෙන තියනවනම් ඒ කිවුවෙ, graphic designing වල මොකක්හරි field එකක්, photoshop, illustrator, indesign, 3Ds max, වගෙ. තව web designing, web development, MS Office, auto cad, programming languages වගේ ඕනම දෙයක්. විශේෂයෙන් මේ site වල java programming වලට මාරම dimand එකක් තියෙන්නෙ. මෙහෙම වැඩ කරනවට කියන්නෙ freelancing කියල. තව තියනව fiverr, gigbucks කියල site දෙකක් ඒකෙත් කරන්නෙ මේ තමංගෙ skills වලින් වැඩ කරන එක තමා. ටිකක් වෙනස්.
ඉතින් මේවගෙ field එකක් දන්නවනම් ඔයාලට හැකියාවන් හොදාගෙන සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මේක මේ කියල තරම් ලේසි නෑ. මහන්සි වෙන්න ඕන. ඉතින් මේ වගෙ site වල වැඩ කරන හැටි සල්ලි හොයන හැටි job වලට apply කරන හැටි bit කරන හැටි. ඉක්මනට job එකක් employer කෙනෙක්ගෙන් අපිට ගන්න පුළුවන් ආකාර ගැන මන් ඉස්සරහට දාන පොස්ට් වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. තව සල්ලි හොයන ක්‍රම ගොඩක් තියනව. ඒත් ඒව මෙතන කියන්න ගියොත් වෙන දෙයක් කියන්න ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා ඒව ගැන පසුවට.
මේ මොන දේ කලත් වැඩක් නෑනෙ ලංකාවට සල්ලි ගන්න විදිහ දන්නෙ නැත්තන්. මන් ඒව ගැනත් වෙනම post වල step by step කියල දෙන්න බලාපොරොත්තු වෙනව.
හරි දැන් තව පැත්තක් ගැන කතා කරමු. මොනවද Internet එකෙන් සල්ලි හොයන්න නම් අපිට තියෙන්න ඕන සුදුසුකම්? කවුරුහරි company එකකට එහෙම නැත්තන් office එකක job එකකට යනවනම් ඒ job එකට අදාළව සුදුසුකම් ටිකක් තියනවනෙ.ඉතින් internet එකෙන් කරන්නෙත් job එකක්. ඒ නිසා ඒ theory එක internet වලටත් ඒ විදිහටම බලපානව. එකම වෙනස ඔයාල සාමාන්‍ය job එකක් කරන්න යනකොට එක එක job වලට එක එක සුදුසු කම් ඉල්ලනව. ඒත් internet එකේ ඕනම job එකක් කරන්න එකම සුදුසුකම් set එකක් තමා අවශ්‍ය වෙන්නෙ. ඇයි අවුල්ද? නෑ.. අවුල් වෙන්න දෙයක් නෑ. වෙලා තියෙන්නෙ මේ දේවල් කවුරුවත් හරියටම කියල නොදෙන එක. එහෙනම් දැන් දැනගන්න. internet එකෙන් ඔයාල හිතන තරම් මුදලක් හොයාගන්න නම්, මගේ අත්දැකීම අනුව
1. ඉංග්‍රීසි දැනුම අංක 1.
2. ඉවසීම.
3. අන්තර්ජාල භාවිතයේ හැකියාව.
4 කාලය කැප කිරීම. කියන දේවල් තමා සුදුසුකම් වෙන්නෙ.
2. ඉවසීම.
3. අන්තර්ජාල භාවිතයේ හැකියාව.
4 කාලය කැප කිරීම. කියන දේවල් තමා සුදුසුකම් වෙන්නෙ.
ගොඩාක් අය කියන දෙයක් තමා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත්, facebook දැනුම ප්‍රමාණවත් අරකයි මේකයි කියල බයිල ගහනව. ඇත්තටම, සිරාවටම, එකෙන්ම මේව ඔක්කොම සුරංගනා කතා.ඒ එහෙම කියන්නෙ තමංගෙ වැඩේ කරගන්න විතරයි. ඉංග්‍රීසි දැනුම කියන එක internet money වලට අතාවශ්යයි. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම විතරක් ඇතිව කරන්න පුළුවන් එකම දේ ads click විතරයි මට හිතෙන විදිහට. ඒත් ඉතින් ads click කරල මාසෙකට සැලකියයුතු මුදලක් හොයාගන්නෙ ලංකාවෙ කීයෙන් කී දෙනාද?
හැමෝම internet එකෙ සල්ලි හොයන්න හිතාගෙන එන්නෙ අඩුම ගානෙ මාසෙකට 10,000ක් 15,000ක් වත් තිබ්බොත් ඇති කියල හිතාගෙන. එහෙම හොයන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි දැනුම ඕනමයි. මොකද අපිට වැඩ කරන්න වෙන්නෙ English එක්ක. වෙන රටවල් වල මිනිස්සු එක්ක. අනික web site එකක කියල තියන දේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද මේ කරන්න කියල තියෙන්නෙ කියල.
අනිත් තමා ඉවසීම. කලින් කිවුව වගේ අපිට සල්ලි හොයන්න පටන් ගත්තට එක පාරට මහලොකු ගොඩක් හොයන්න බෑ. හොයාගත්තත් ඉක්මනට දවසෙන් දෙකෙන් ගන්න බෑ. මේ හැම දේම කාලයක් යනකොට හරියනව. ඒ කියන්නෙ මාස 3, 4ක් ඉවසන්න ඕන. ඔන්න ඔය මාස 3, 4 හොඳ කැපවීමෙන් වැඩ කරනත් ඕන. එහෙම නැතුව කම්මලි කමෙන් මාස 3,4ක් වැඩ කලා කියල පස්සෙ අපි හිතන ගාන හොයන්න බෑ. කරන වැඩේ මහන්සි වෙලාම කරන්න ඔන.
අනිත් එක තමා අන්තර්ජාල භාවිතයේ හැකියාව. ඒක නිකන් facebook එකේ chat කරනව වගේ, google එකට ගිහින් මොකක්හරි keyword එකක් ගහල web site එකක තියන දෙයක් හොයාගන්නව තරම් සරල නෑ. ඒක ඔයාලට වැඩ කරනකොට තේරෙයි කොහොමද ඒව කරන්නෙ කියල.
තව දෙයක් තමා කාලය. ගොඩාක් අයට නැතිම දේ තමා මේක. මොකද සමහරු job වලට යනව. වෙන වෙන වැඩ, ගෙදර ප්‍රශ්න අනන් මනන් තියනවනෙ.. ඒත් ඉතින් ඔයාලට මේකෙ දවල් වැඩ කරන්න කියල නීතියක් නෑ. කොහොමත් ගොඩාක්ම වැඩ රෑට තම කරන්න තියෙන්නෙ. ඉතින් දවල්ට job එකට ගිහින් රෑට මේ වැඩේ කරන්න. හැබැයි ඉතින් රෑට කම්මලි නිදි මතයි අරකයි මේකයි නම් මේක කරන්න බෑ. ඒක තමා කිවුවෙ ඉවසීම මේකට ඕන කියල. ඔයාලට මේ කියපු සුදුසුකම් හදාගන්න පුළුවන්නම් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්.
අද වෙනකොට ලංකාවෙ internet money කරන්න ආසාවෙන් ඉන්න ගොඩක් ඉන්නව. ඒත් ඒ අයට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙ හැසිරවීමෙ දුර්වලකම නිසා තමා ඉතින්. ඒ නිසා අනේ මට බෑ කිය කිය ඉන්නෙ නැතුව කොහොමහරි ඉගෙනගන්න උත්සහ කරන්න. ඒකට class යන්න ඕනම නෑ. කොහොමත් English සින්හලෙන් උගන්නන class වලට ගිහින් ඇති වැඩකුත් නෑ. යනවනම් English, English වලින්ම උගන්නන තැනකට යන්න. ඒත් එහෙම ඕනම නෑ. ගෙදර ඉඳල වුනත් ඕක කරන්න පුළුවන්. ගෙදර ඉඳල ඉගෙන හැටි මන් post වෙනම post වලින් දාන්නම්.
අද වෙනකොට ඉන්දියාව, පකිස්ථානය, මලේසියාව, සිංග්ප්පූරුව, බංගලාදේශය වගේ ආසියාතික රටවල් internet money වලින් ඉදිරියෙන්ම ඉන්නව. එහෙම ඉන්නෙ එයාලගෙ ඉංග්‍රීසි හා පරිගණක සාක්ෂරතාවයෙ දියුණුව නිසා. මේ කොළඹ හා අවට පැති වල ඇරෙන්න ලංකාවෙ තාම මේ දෙකම හරියට උඩට ඇවිත් නෑ. ඉතින් ඒකයි මේ ප්‍රශ්නෙට හේතුව. ඉතින් මේක වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඕන ඔයාලමයි. ඉතින් post එක ටිකක් දිග වැඩි උනාද මන්ද. ඒ උනත් කියවල තේරුම් ගන්න. අමාරුවෙන් හරි කියවපු අයට ගොඩක් ස්තුතියි. ඊළග post එකේ ඉඳන් සල්ලි හොයන්න පටන් ගමු. comment එකකුත් දාල පහල Ad එකත් ඔබන් යන්න. ඒක තමා මට තව post ලියන්න හයියක් වෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය!
thanks dear
ReplyDeletevaluable advice sir
ReplyDeleteReally useful topic & advice thanks a lot sir😊
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteHari watina article ekak.
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDeleteela sahoo math wade patan ganna yanne .....
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDeletethank you...
ReplyDeleteThank you !
ReplyDeletehonda pahadili kirimak....obage uthsahaya agaya karanawa....jayawewa!!!
ReplyDeleteGood post.100% trusted one. https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html
ReplyDelete