Advertisements

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනායතනය මගින් සිංහල යුනිකේත ක්‍රමය හදුන්වා දීමත් සමගම 2006 වර්ෂයේදී සිංහල යුනිකෝඩ් ගුගල් සංගමය ඇති කරන ලදී. . ඒ බිහි වීමත් සමගම මෙතුවක් කාලයක් ඉංග්‍රීසි භාෂාවට පමණක් සිමා වී තිබු තොරතුරු තාක්ෂනය සිංහල භාෂාවෙනුත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ විය. සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණය, නැණසල මධ්‍යස්ථාන මගින් සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා සිංහල යුනිකේත භාවිතය අන්තර්ජාල පරිශීලකයන් අතර වර්ධනය වීම වේගවත් විය. එහෙයින් ශ්‍රීලංකාව තුල මෙන්ම විදෙස් ගත සිංහලයන්ද තම මවු භාෂාව උපයෝගී කරගෙන අන්තර්ජාලය තුල තම ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙසේ සිංහල යුනිකේත භාවිතය ජනප්‍රිය වීමත් සමගම අන්තර්ජාලය තුල නොමිලේ ඉඩකඩ ලබාදෙන බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස් වැනි සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීම මගින් ලියවෙන පුද්ගලික බ්ලොග් අඩවි ආරම්භ වීම සිදු විය. පළමුව තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ඇතුලත් බ්ලොග් අඩවි පමණක් දක්නට ලැබුණි. නමුත් කාලයත් සමගම ලියවෙන බ්ලොග් ප්‍රමාණය වැඩි වීමත් සාහිත්‍ය, කළා විනෝදාත්මක, දේශපාලනික ආදී විවිධ අංශ පිළිබඳව ලියවෙන බ්ලොග් අඩවි බිහිවීමත් සිදු විය.


ok එහෙනම් මන් අද කියන්න යන්නේ සිංහල බ්ලොග් අවවියක් සාදාගන්න ආකාරයයි,

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.



සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.
එයින් සේවා කිහිපයක් මෙන්න:

Blogger

ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහාhttp://www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

WordPress.com

WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk

මීට අමතරව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.

සිංහලෙන් ටයිප් කරන හැටි

සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.

සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම

සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.
අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල “EN” යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් “SI” තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.
යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.

සිංග්ලිෂ් යතුරු පුවරු

සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට “මට බඩගිනියි” කියලා අපි ලියනවා “mata badaginiy” කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් එක ක්‍රමයක් තමයි  google ආයතනය මගින් ලබාදෙන  Google input tools ඒය ලබා ගැනීමට මෙතැනින් යන්න 

2 comments: