Advertisements

Saturday, April 16, 2022

Fiverr Sinhala Tutorial Complete Guide | Fiverr ගැන තේරෙන සිංහලෙන් මුල සිට සරලව හැමදේම


What is fiverr?

Fiverr කියන්නෙ ලොකයේ දැනට තිබෙන ප්‍රසිද්ධම online marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

ඔබ ඕනෑතරම් අසා ඇති ebay, amazon වගෙ websites ගැන, එහිදී ඔබට ඕනෑම රටක සිට ඕනෑම ආකාරයේ භාණ්ඩයක් හෝ විවිධාකාර සේවාවන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

අද වන විට Fiverr (ෆයිවර්) කියන්නෙත් එවැනි ආකාරයේ අති විශාල marketplace එකක් නමුත් මෙහි ඇති විශාලම වෙනස නම්, මෙහි විකිණීම සහ මිලදී ගැනීම බොහෝ විට සිදුවන්නෙ සේවාවන් පමනක් පදනම් කරගෙන වීමයි.

මෙයත් ලෝකප්‍රකට freelancer, upwork වැනිම freelancing website එකක්. Fiverr website එක ආරම්භ වන්නෙ 2010 පමන, කාලයක් තිස්සෙ මෙම website එක $5 වැනි සුලු මුදලකට බොහොමයක් වටිනා සේවාවන් විකිනීම සහ මිලට ගැනීම සිදුවුනත්, අද වන ඒ මතයෙන් බැහැරව $1000 ට වැඩි සේවාවන් වුනත් විකිනීම සිදුකල හැකි අන්තර්ජාලයේ ඇති විශාලත වෙළෙඳපොළක් බවට පත්ව ඇත.

ඇයි මේ Fiverr මෙච්චර වැදගත් ?

Fiverr කියන්නේ අමාරුවක් නැතිවම සාර්ථක වෙන්න පුළුවන් හොඳම website එකක්. ඒක කලිනුත් මම ඔයාලට කිව්වනේ. දැන් බලමු ඇයි මම එහෙම කියන්නේ කියලා.     

  • Fiverr එකක sale එකක් / $5ක් එහෙමත් නැත්නම් රු. 900 පමණ වගේ පුංචි මුදලක් වෙන්නේ. මේ පුංචි මුදල නිසා Fiverr එක  sales වලින් පිරෙන්නේ හිතාගන්නත් බැරි විදිහටයි. ඉතින් Fiverr එකේ  seller කෙනෙක් වෙන ඔයාට ඒක ලොකු වාසියක්.
  • වෘත්තීය මට්ටමේ website එකකින් Project එකක් කරගන්න යන වියදමට වඩා අඩු වියදමක් තමයි Fiverr එකේ දී වියදම් වෙන්නේ. මේ Fiverr එක කියන්නේ Cheap Online Market Place එකක්. අන්න ඒ හේතුව තමයි Fiverr එක මෙච්චර සාර්ථක වෙන්න හේතුව.
  • Fiverr එකත් එක්ක වැඩිපුරම සම්බන්ධ වෙන්නේ ධබකසබැ ඵ්රනැඑැරිලා. එයාලා ඒකට එන්නේ ලොකු ලොකු ඡරදවැජඑි පොඩි පොඩි කොටස් වලට කඩලා වෙන වෙනම කරගෙන එයාලට ලාභ ලබා ගන්න. එකෙන් ඔයාලටත් වාසියක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකෙන් / $5 කට වඩා වැඩි ගාණක් හොයාගන්න.
  • සමහරු Fiverr වලින් වැඩ කරන්න අකමැති / $5 කියන්නේ පුංචි ගාණක් නිසා වෙන්න පුළුවන්. ඒත් හිතලා බලන්න පුංචි පුංචි ගණන් වලින් තමයි ලොකු ලොකු ගණන් හැදෙන්නේ. දවසකට / $5 ගානේ sales 10ක් ආවොත්, ඒ වගේ මාසය පුරාම ඔයාට sales ලැබුනොත්, සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්, ඔයාගේ මාසික ආදායම කොහොමද වෙයිද?

ඔයා කොච්චර හොයනවද යන්න තීරණය වෙන්නේ , $5 මත නොවේ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ හැකියාවයි, කැපයීමයි මත. ඔයාට පුලූවන්නම් වැඩි වැඩියෙන් sales ගන්න. එතකොට නම් ඔයාට , $5 ගැන හිතන්නවත් ඕනේ නැති වෙයි. ( sales එකකට $5 වුණාට ලැඛෙන්නේ නම් $4යි. මොකද, $1ක් Services Fees විදිහට කැපෙන නිසා )

අදම වැඩ පටන් අරන් බලන්නකෝ. ඔයාටම තේරෙයි මම මේ කියන දේ ඇත්තද බොරුද කියලා. කොහොම නමුත් ඉස්සරම තරම් දැන් දැන් ලේසි නෑ පටන් ගත්තු ගමන් orders ගන්න. ටික කාලයක් ඉවසගෙන වැඩේ කරගෙන යන්න වෙනවා orders ගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා මුල් කාලේදී.
වැඩේ පටන් ගන්න කිව්වට කොහොමද කරන්නේ කිවුවේ නෑනේ නේද. අපි එහෙනම් බලමුද කොහොමද වැඩේ කරන්නේ කියලා.

ඔයා Fiverr එකෙන් සල්ලි හොයන්න කැමති වුණාට ඒ ගැන මොකුත් නොදන්න නවකයෙක්ද? එහෙනම් අපි මුල ඉදන්ම පටන් ගමු. අපි දෙයක් පටන් ගන්න කලින් ඒ ගැන හැමදේම දැනගෙන ඉන්න එක හොඳයිනේ. කතාවටත් කියනවනේ .දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා.

මොකක්ද ඇත්තටම මේ Fiverr එකක් ඇතුළේ වෙන්නේ? Fiverr එකේදී වෙන්නෙත් හරියට Business එකකදි සිදුවෙන දේම තමයි. Business එකකදී වෙන්නේ පාර්ශව දෙකක් සම්බන්ධ වෙලා ගණුදෙනු සිදුවීමකි. Fiverr එකේදීත් ඒ ලෙසටම පාර්ශව දෙකක් සම්බන්ධ වෙනවා. ඒ තමයි Buyer & Seller.

FIVERR-SINHALA
fiverr sinhala


කවුද මේ Buyer & Seller කියන්නේ?


Buyer – buyer කියන්නේ භාණ්ඩ හෝ සේවා අරගෙන මුදල් ලබා දෙන තැනැත්තා හෝ පුද්ගලයා. Fiverr එකේදී මුදල් නොගෙවා මඟහරින්න නම් බෑ. මුදල් ගෙවුවට පස්සේ තමයි තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ.
seller – buyer ට භාණ්ඩ හෝ සේවාව ලබා දෙන පුද්ගලයා තමයි seller කියන්නේ. ඉතින් Fiverr එක පටන් ගන්න ඔයා තමයි මෙහිදි seller වෙන්නේ.

Fiverr භාෂාව ගැන දැනගමුද?

          Fiverr එක්ක වැඩ කිරිමටත් ඒක නිවැරදිව භාවිතා කිරිමටත් මේ Fiverr ඛ්බටම්ටැ එක ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඒක නිවැරදිව දැන ගත්තොත් ඔයාට අවුලක් නැතිවම පාළම දිගේ ඉදිරියටම යන්න පුළුවන්.

Gig – Fiverr එකේ විකුණන භාණ්ඩයක් හෝ සේවාවක් තමයි Gig එකක් කියන්නේ.

Featured Gig – වැඩියෙන්ම අලෙවි වන Gig තියෙනකොට Fiverr එක ඒ Gig එක Featured කරනවා. එහෙම වුණාම ඒ Gig එක Home Page එකේ පළවෙනි Gig 4න් එකක් විදිහට එනවා. ඒ Gig එකට Featured Gig Budge එකකුත් ලැඛෙනවා. ඒ කියන්නේ Fiverr එකේ අයට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙනවා කියන එකයි.( Fiverr Community Trust)

Request Gig –  මේ කියන්නේ Fiverr එකේ දකුණු පැත්තේ Side Bar එකේ තියෙන Request Gig එක ගැනයි. මේකෙන් වෙන්නේ buyerට අවශ්‍ය කරන වැඩේ කරගන්න ගැලපෙන seller කෙනෙක්ව හොයාගන්න උදවු කරන එකයි. මේ Request Gig එකට දාන ඕනෑම දෙයක් දාන්න පුළුවන් buyer කෙනෙකුට විතරයි.

Gig Extras –  Fiverr Levels ඉහළට යන්න යන්න ලැඛෙන Feature එකක් තමයි මේ Gig Extras කියන්නේ. මේක ලැඛෙනවා කියන්නේ ඔයාට පුළුවන් , $5කට වඩා වැඩි මුදලකට වැඩ කරන්න. උපරිම Levels වලට ගියාම , 100 ක මුදලක් වුණත් හොයාගන්න ඔයාට පුළුවන්.

Fiverr Levels  –  Game එකක් වුණත් අපි කැමති වෙන්නේ ඒකේ Levels තියෙනවනම් විතරයි. එතකොටයි අපි ඒ game එක කැමැත්තෙන් play කරන්නේ. ඒ වගේ Fiverr එකෙත් Levels තියෙනවා. Level 01, Level 02, Top Rated Seller. https://www.fiverr.com/levels

Fiverr Pro – මෙය මෑතකදී හදුන්වා දුන් අංගයක් වන අතර Fiverr Pro යනුවෙන්ද විශේෂ විකුණුම් කරුවන් පිරිසක් සේවාවන් සපයයි. Fiverr Pro වැනි තත්වයකට පැමිණියහොත් ඉතා ඉහල මිල ගණන් වලට සේවාවන් විකිණීම සිදු කළ හැකිය. Fiverr Pro සේවාවන් ඉතා ඉහළ සහ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවන් ලෙස සැලකිය හැක. මන්ද සෑම අයකුටම Fiverr Pro වීමට නොහැකි වීම නිසාය.

Fiverr Revenue Card  –  Payoneer Master Debit Card තමයි මේ Fiverr Revenue Card කියලා කියන්නේ.

Fiverr එකක වැඩ පටන් ගන්න කලින් plan එකක් තියෙන්න ඕනි. ඒ වගේමයි හොඳ vision එකක් තියෙන්නත් ඕනි. Fiverr එක පටන් ගන්න තබන මුල්ම පියවර හරියටම තිබ්බොත් ඒ කියන්නේ ඔයාගේ Foundation එක ඔයා හොඳ ශක්තිමත්ව හදා ගත්තොත් තමයි ඔයාට ඒ මත ගොඩනඟන එකේ සාර්ථක්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ.

Gig එකක් හදාගමුද?

Fiverr එකේ අපිට කරන්න පුළුවන් දේවල් තෝරගන්න ප්‍රධාන වර්ග (Main Categories) – 8 ක් තියෙනවා. මෙම ප්‍රධාන වර්ග 8, උප වර්ග (Sub Categories) 100 කට වැඩි ප්‍රමාණයකට බෙදලයි තියෙන්නේ. ඒ නිසා ඒක ඇතුලේ නැති දෙයක් නැති තරම්. එමනිසා ඔයාටත් කරන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන් මේ  fiverr එකේ තියෙනවා. මෙතැනින් categories බලාගන්න. https://www.fiverr.com/categories

ඉතින් මේ වර්ග සියල්ලම හොඳට බැලූවොත් ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් 5-10 ක් හොයාගන්න එක එතරම් අපහසු කාර්යයක් නෙමෙයි. මේ සියලු දේ අතරින් ඔයාට හොඳටම ගැලපෙන Category එක තෝරගන්න මම ඔයාට පියවරෙන් පියවර කියලා දෙන්නම්.

1)      Fiverr Category වලින් ඔයාට හොඳ දැනුමක් තියෙන ඔයා ගොඩක්ම කැමති දේවල් (Fiverr Categories) 20 ක් ලියාගන්න.

2)      ලියාගත්තු 20 න් වඩාත්ම කැමති එක අරගෙන ඒ යටතේ , $5 කට දිය හැකි පුංචි පුංචි සේවාවන් ලියාගන්න.

ඒ විදිහට ඔයා ලියාගත්ත අනෙක් Fiverr Categories ටිකක් අරගෙන ඒ යටතේ, $5 කට දෙන්න පුළුවන් සේවාවන් නැත්නම් Gig Ideas ටික ලියා ගන්න. එතකොට ඔයාට ලොකු Gig Idea list එකක් ලැඛෙයි. නමුත් මුලින් ඔයාගේ Fiverr account එකේ එච්චර Gig දාන්න බෑ අනිත් කාරණාව එහෙම දාගත්ත කියලා තේරුමක් නෑ, ඒ නිසා ඔයාට හොදටම කරන්න පුලුවන් කීපයක් තෝරාගෙන Gig හදන්න. මේ සදහා ඔයා හොදටම දක්ෂ දේවල් තෝරාගන්න එක ඔයාට orders ලබාගන්න ලේසි වෙන්න පුලුවන් සහ මේ තුළින් සාර්ථක වෙන්න එය උපකාරී වෙයි.

Gig Ideas list එක filter කරගමු?

1)      Gig Idea list එක filter කරද්දි මුලින්ම කරන්න ඕනි Official Fiverr Page ටික කියවන එකයි. ඒවා English වලින් තමයි තියෙන්නේ නම්, ඒ නිසා ඔයාට English දැනුම ටිකක් ඕනි. ඕනෑම දෙයකට English දැනගෙන සිටීම හොඳයි කියන්නේ අන්න ඒ නිසයි.

          Fiverr Terms

https://www.fiverr.com/terms_of_service

          Fiverr Privacy  Policy

https://www.fiverr.com/privacy-policy

මේක හොඳට කියවලා ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Gig  Idea  list එකේ Term Of Services or Privacy Policy උල්ලංඝනය වන Services කපලා දාන එක. අනාගත අවදානමකට පෙර දැන් ඉදන්ම සුදානම් වෙන එක හොඳයිනේ.

2)      Fiverr එකේ අපි වැඩ කරන්නේ, $5 කට, ඒ නිසා, $5 ක වැඩකට අපි ගතකරන කාලය ගැනත් අපි අපේ අවධානය යොමු කිරීම වැදගත්. $5ක් හොයන්න පැය 10ක් 15ක් ගත කරනවනම් ඒ sales එකේ වැඩි සාර්ථකත්වයක් නෑ නේද? ඒ නිසා එවැනි වැඩි කාලයක් ගතවෙන Services තියෙනවනම් ඒවත් ඔයාගේ Gig Idea list එකෙන් කපලා අයින් කරන්න.

3)      ඔයා දැන් බලන්න ඕනි වැඩිම ඉල්ලූමක් තියෙන Category එක ගැන. මෙහිදී අදහස් කරන්නේ නෑ වැඩිම ෘැප්බා එක තියෙන Category එකේ Services ඔයා තෝරගන්න ඕනි කියලා. ඔයා බලන්න ඕනි ඔයාගේ Gig  Idea  list එකේ වැඩිම ෘැප්බා තියෙන Services මොනාද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Gig  Idea  list එකේ අඩුම ෘැප්බා තියෙන Services අයින් කරන්න.

Demand එක වැඩිම ඒවා ඔයාට හොයාගන්න පුළුවන් Fiverr එකේ Order Queue එක එහෙමත් නැත්නම් Gig එක, බලන වෙලාවේ ඇවිල්ලා තියෙන ධරාැරි  list එක බැලූවනම්.

Gig Ideas list එක ඉහත පියවර තුන යටතේ filter කර ගත්තට පස්සේ ඔයාට ලැඛෙන්නේ Fiverr එකෙන් ඔයාට දෙන්න පුළුවන් හොඳම Services ටිකයි.

Fiverr ගිණුමක් නිර්මාණය කරගමු

www.fiverr.com කියන fiverr එකේ homepage එකට ගිහින් පහත පින්තූරයේ දක්වා ඇති ආකාරයට ඉහත කෙරවලේ ඇති join click කරන්න, ඉන්පසු box එකක් ආකාරයට ඔබට බලාගත හැක. join fiverr කියන එක තුල ඔබේ email address එක දමා continue කරන්න.

join-with-fiverr

එවිට ඔබට ඔබ fiverr තුල භාවිත කරන්න යන username සහ password දමා join වෙන්න. username එක තමා ගැනුම්කරුවන් දකින්නේ ඔබේ ඇත්ත නමටත් වඩා. ඒ නිසා ගැලපෙන නමක් භාවිතා කරන්න.

join-with-fiverr2

Fiverr Account Dashboard

account එක හදලා ඉවරයි කියලා ඔයාට බෑ එක පාරටම Gig ටික account එකට දාන්න. ඊට කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා ඔයාට.

1-      Fiverr Profile එකට හොඳ Photo එකක් දැමීම.

Fiverr Design එකේ Profile Image එක ටිකක් ලොකුයි. ඒ Image Size එක ගැන Fiverr Setting page එකේ කියලා නෑ. ඒ වුණාට Image Size එක වෙන්න ඕනි 250px – 250px. Profile Image  එක දානකොට ඔයාගෙම එකක් දාන්න බලන්න.

2-      Fiverr Profile එකට About Description එකක් දැමීම.

Description එකක් කියන්නේ ඔයා ගැන පුංචි විස්තරයක්. ඔයා Fiverr එක හරහා කරන්නේ මොනාද කියලා තමයි මේකේ දාන්න ඕනි. ඒ ඔක්කොම දාන්න ඔයාලට දීලා තියෙන්නේ අකුරු 300 ක ඉඩක් විතරයි.

Description එක ලියද්දී ඔයා ගොඩක් Creative වෙන්න ඕනි. වෙන කෙනෙක් දාලා තියෙන විදිහට නැතුව ඔයා ඔයාගේ හැකියාව පාවිච්චි කරලා Unique Idea එකක් දාන්න. අද ලෝකයේ ගොඩක්ම සාර්ථක වෙලා ඉන්නේ වෙනස් විදිහට හිතපු මිනිස්සු. ඒ නිසා ඔයත් වෙනස්ම අදහසකින් ඔයාගේ Description එක සම්පුර්ණ කරන්න.

3-      ඔයාගේ facebook account එක Fiverr account එකත් එක්ක Link කිරීම. මේක Fiverr වල ආපු feature එකක්. මේක කරන එක අනිවාර්ය නැහැ.

උපයන මුදල් බැංකු ගිණුමට ලබා ගැනීම

ඔයා Fiverr එක හරහා උපයන මුදල් Withdraw කරන්න පුළුවන් Paypal or Bank account එකකට. කෙලින්ම ඔයාගේ ලංකාවේ තියෙන බැංකුවක් වෙත ගැනීමේ හැකියාව පවතිනවා payoneer online bank එක හරහා. එහෙම නැතිනම් payoneer ගිණුම වෙත මුදල් ලබා ගෙන පසුව ඔබේ බැංකු ගිණුම වෙත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Fiverr feature වලින් උපරිම ප්‍රයෝජන ගමු

අලූතෙන් එන ගොඩක් අය දැනටමත් Fiverr එක හරහා මුදල් හොයන්න පටන් අරන් ඉවරයි. ඒ වගේමයි එයාලා ගොඩක් සාර්ථක වෙලත් තියෙනවා. කෙසේ වෙතත් Fiverr කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් එක් ක්‍රමයක් විතරයි.

Fiverr buyer Requests

Buyer Requests කියන්නේ Potential Customer ඔහුගේ කාර්යය කරගැනීමට අවශ්‍ය පුද්ගලයා සොයා ගැනීමට උදවු කරන Fiverr එකේ හොඳම feature එකක්. මුල් කාලයේ ඔබ හැකි උපරිම ඔබට කිරීමට හැකියාව පවතින දේ සදහා Buyer Requests යැවීම මගින් ඔබට order ඉක්මනට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

Fiverr sales analytics

Online Marketing වලදි analytics කියන්නේ අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් දෙයක්. මේකෙන් වෙන්නේ Fiverr account එකේ sales වල විස්තර වගේම ඔයා හොයන මුදල් ප්‍රමාණය, ඔයාගේ Gig ප්‍රසිද්ධ රටවල්, පෙන්වන එකයි.

Fiverr sales analytics information

AVG. Selling Prize – මේකෙන් කියන්නේ ඔයාට එන සාමාන්‍ය sale එකක ගාණ.

Delivered Orders  – මෙතන පෙන්වන්නේ ඔයා deliver කරන order ගාණ. මේක ඔයාගේ Public Fiverr Profile එකේ පෙන්වනවා. ඒ නිසා දවසකට ඔයාට ලැඛෙන order මඟ නොහැර deliver කරන්න. කිසිම order එකක් cancel කරගන්න එපා. එහෙම කිරීම අත්‍යවශ්‍ය දෙයක් වර්තමානයේදී fiverr තුල ස්ථිරව පැවතීම හා ලැබෙන order ප්‍රමාණය වැඩි කරගැනීමට. මුල් කාලයේදී Negative review එකක් දාගන්න වෙනවට වඩා යහපත් වෙනවා වැඩෙත් deliver කරලා order එක cancel කරලා සල්ලිත් එපා කියලා පැත්තකට වෙන එක.

Responsiveness – මේක fiverr තුල වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඔබ සිදු කල යුතු ඉතා වැදගත්ම දෙයක්. මිනිත්තු කීපයක ප්‍රමාදය වුනත් ඔබට හොදම අවස්ථාවක් මග ඇරෙන්න පුලුවන්. ඒ වගේම ගැනුම්කරුවන් සමග හොද communication එකක් තිය ගැනීම ඔබට fiverr තුල සාර්ථක වෙන්න අවශ්‍යම වෙනවා.

Fiverr තුල වැඩ කරද්දී ඔබට දිගින් දිගටම orders ලැබීම රදා පවතින සාදක තුනක් තමයි Response Rate, Delivered on Time, Order Completion කියන්නේ. ඉතින් මේවා ඉහල අගයක රදාපවත්වා ගැනීම ඔබේ අනාගතය තීරණය කරන සාදකයක් බවට පත්වෙන්න පුලුවන්.

Fiverr Gig Stats

Fiverr menu bar එකේ Gigs වලට ගියාම ඔබට ඔයාට එක එක Fiverr Gig එකේ Performance බලාගන්න පුළුවන්. මේකෙන් ඔයාට පහත දේවල් බලාගන්න පුළුවන්.

  1. Impression – මේකෙන් කියන්නේ ඔයාගේ Gig එක Fiverr website එක ඇතුලේ පෙන්වපු වාර ගාණයි.
  2. Click – මෙතනින් තමයි පෙන්නන්නේ Gig එක පෙනවපු වෙලාවලදි ඒක Click කරපු වාර ගාණ. Gig එක බැලූවත් නැතත් මෙතන Click count වෙනවා.
  3. Pageviews – මේ තිරුවේ පෙන්වන ගාණ Click තිරුවේ පෙන්නපු ගාණට වඩා අඩු වෙන්න ඕනි. මොකද Gig එක Click කරලා එන හැමෝම Gig එකත් එක්ක engage වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ එහෙම එන කෙනා වැඩි වෙලාවක් Gig page එකේ ඉන්නේ නැතුව ඉක්මනින් ගියාම ඒක pageviews වලට අයත් වෙන්නේ නෑ.
  4. Purchases – ඔයාගේ මිලදී ගත්ත අය ගාණ තමයි මෙතනින් පෙන්නන්නේ. pageviews එකට අයිති වෙන කෙනෙක් තමයි අනිවාර්යෙන්ම ඔයාගේ customer කෙනෙක් වෙන්නේ. එක pageview එකක් ඇවිල්ලා ඕන තරම් Purchase වෙන්න පුළුවන්. මොකද Gig extras හා mutiple gig units කියන දේවල් තියෙන නිසා.
  5. Conversion rate – මේක Rate එකක්. Gig එක බලන Pageviews කට්ටියගෙන් ඔයාගේ customer කෙනෙක් වෙන ප්‍රතිශතය. මේ Rate එක වැඩී කියන්නේ ඔයාගේ Fiverr Gig එක සාර්ථකයි කියන එක.

Maximum Optimized Fiverr Gig

Fiverr ගැන අපි හැමදේම දැන ගත්තට වැඩක් නෑ අපි දන්න දේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම්.  සමහරු නම් Fiverr එකෙන් සල්ලි හොයන්න ආසාව තිබුණට මුකුත් නොදන්නවා වෙන්නට පුළුවන්. සමහරු හැමදේම දන්නවා වුණාට පටන් ගන්නේ කොහොමද කියලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඒ හැමෝටමයි කියන්නේ, ඔයා දන්න දේ පටන් ගන්න. නොදන්න අය මේක කියවලා දැනගන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ Business එකක්. ඔයා ඔයාගේ සේවාව සපයලා තමයි සල්ලි හොයන්නේ. ඒකෙදි ඔයා කරන්න ඕනි නිකන්ම Fiverr Gig 2 ක් 3ක් දාලා ඒවා sale වෙනකන් බලන් ඉන්න එක නෙමෙයි. ඔයා කරන්න ඕනි ඔයාගේ හැකියාවන් පාවිච්චි කරලා Fiverr Gig එක උපරිම විදිහට දාන එකයි.

ඔයාගේ Gig එක හොඳට sale වෙන්න නම් සාධක කිහිපයක් බලපානවා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ සාධක ඔයාට වාසි වෙන විදිහට පාවිච්චි කරලා sales වැඩි කරගන්න.

  1. Demand – මේ කියන්නේ ඉල්ලූම ගැන. ඔයා ඔයාගේ ඉල්ලූම වැඩි කරගන්න ඕනි. ඒකට ඔයා වැඩිම ඉල්ලූමක් තියෙන දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. ඔයා ඔයාට කරන්න පුළුවන් දේවල් වලට උපරිම සේවාවක් කරන්න.
  2. Professionalism – ඔයා කරන වැඩේ අඩුපාඩු තියෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයා දෙන සේවාව ගැන දැන ගත යුතු සියලූ දේ දැන ගෙන සිටිම ඉතාම වැදගත්. ඒ වගේමයි ඔයාට මේ හැකියාව තියෙනවා කියලා Fiverr Gig visitors ලට පෙන්වන්නත් ඕනි.
  3. Attractiveness – අපි ගනුදෙණු කරන්නේ තවත් පුද්ගලයෙක් එක්ක. ඒ නිසා ආකර්ශණය කියන එක වැදගත්. අපිට තවත් පුද්ගලයෙක්ව ආකර්ශණය කරගන්න පින්තූර වගේම වචන යොදාගන්නත් පුළුවන්. ඒ නිසා මේකදි ඔයා ඔයාට පුළුවන් හැමදේම කරලා ඔයාගේ Gig එකට Fiverr Gig visitors ලගේ අවධානය ගන්න ඕනි.
  4. Creativeness – ඔබේ නිර්මාණාත්මක හැකියාවන් ඉතාමත් වැදගත් වෙනවා සාර්ථකත්වයට. මොකද සමහර වෙලාවට හැකියාවට පමණක් හැමදේම කරන්න අමාරුයි. fiverr තුල සිටින අයගේ අවදානයට ලක් වෙන විදියේ gig එකක් හදාගන්න මෙය ඉතා වැදගත් වේවි.

Fiverr Gig Creation

ඔයා Fiverr Gig එක හදද්දි කොහෙන් හරි Fiverr Gig එකක් අරගෙන ඒකට මොකක් හරි image එකක් දාලා ඒකට පුංචි Description එකක් දැම්මට ඒ Fiverr Gig එකේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේ Fiverr Gig එකක් විකිණීමට තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි. සමහර විට ඔයාගේ වාසනාවට 1 ක් 2ක් sell වෙන්න පුළුවන්.

මේකෙදි ඔබම ගැලපෙන ක්‍රමයට gig එක හදාගන්න එක වැදගත්ම දෙයක් වර්තමානයේදී, ඒ වගේම අනිත් අයගේ gig copy කරන්න එපා. ඒවා බලලා අදහසක් අරගෙන ඊට වඩා හොදට ඔබ හදන එක ගොඩක් වැදගත්.

Fiverr gig එක Optimize කරද්දී සලකා බැලිය යුතු වැදගත්ම සාදක කීපයක් තියෙනවා.

1. Gig Title.

2. Gig Images.

3. Gig Video.

4. Gig Description.

5. Gig Tags.

Fiverr Gig Title Creation

Gig එක හදන්න මුලින්ම පටන් ගද්දි ඔයා ඒකට හොඳ title එකක් දාන්න ඕනි. ඔයා දාන title එක තමයි visitor කෙනෙක් මුලින්ම දකින්නේ. ඒ නිසා title එක Powerful එකක් වෙන්න ඕනි. මොකද title එක අනුව තමයි visitor කෙනෙක් එනවද නැද්ද යන්න තීරණය වෙන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ title එක ලියද්දි ඔයා buyer කෙනෙක් විදිහට attractive title එකක් දාන්න.

Fiverr Gig title එක ලියද්දි තිබිය යුතු දේවල් කිහිපයක්ම තියෙනවා.

  1. ඔයා සැපයීමට බලාපොරොත්තු වෙන සේවාව ගැන පැහැදිලිව තනි වාක්‍යයකින් ඔයාගේ  Idea එක ඉදිරිපත් කිරීමක් තමා මේ title එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ title එක පැහැදිලි වෙන්න ඕනි කියන එකයි.
  2. Fiverr Gig title එක දිග කරන්න එපා. ඒක short & sweet විදිහට ඉදිරිපත් කිරීම මත තමයි ඔයාගේ දක්ෂතාවය තියෙන්නේ.
  3. මේකෙන් ඔය සපයන්න බලාපොරොත්තුවෙන service එක ගැන පැහැදිලි සහ ආකර්ශනීය පණිවිඩයක් දකින අයට යන එක වැදගත් දෙයක් වෙනවා

Fiverr Gig title එක ඔයාට උදව් වෙනවා ඔයාගේ Fiverr Gig එක බලන visitorව ඔයාගේ Fiverr Gig එක ගැන වැඩි විස්තර කියවන්න උනන්දු කරන්න.

Fiverr Gig images Creation

Fiverr Gig එකට images 03 ක් දාන්න පුළුවන්. නමුත් සමහරු 01ක image එකයි දාන්නේ. image එකේ size එක වෙන්නේ අවමය 550px- 370px ගොඩක් අය කරන්නේ Google එකෙන් images හොයාගන්න එක. නමුත් ඒ size එකට ගැලපෙන image නම් Google එකෙන් හොයාගන්න අමාරුයි. Google එකෙන් image හොයාගෙන දාන එක කොහොමටත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි වර්තමානය වෙද්දී.

  1. හැම Fiverr Gig එකටම 550px- 370px එකෙන් Quality Gig images 03ක් හදලා දාන්න. ඔබ සපයන සේවය ගැන අදහසක් මේ images වලින් දෙන්න උත්සහ කරන්න.
  2. පලවෙනි image එක ආකර්ශනීය එකක් වීම වැදගත් .
  3. Gig image 03ම එක සමාන වෙන්න බෑ.
  4. වැදගත් දේවල් highlight කරන්න.
  5. ඔයාගේ Gig එක හැමදේම සඳහන් කරන්න. ඇයි Gig එක ගන්න ඕනි, අරගෙන මොනාද කරන්න පුළුවන්, මොනවගේ අයටද සේවය ගැලපෙන්නේ යන වග.
  6. ඔයාගේ සේවයේ තියෙන වාසි වගේම, ඔයාගේ Gig එක sale එකක් වෙන්න බලපාන හැම point එකක්ම Gig image එකේ සඳහන් කරන්න බලන්න.

Fiverr Gig Video Creation

Fiverr එක, Fiverr Gig එකට video එකක් දාන්න කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. නොදා ඉන්නත් පුලුවන් නමුත් දාන එක ඉතා වැදගත් සාදකයක්. මොකද video එකකින් පුළුවන් sales වර්ධනය කරන්න. ඒක හරි පුංචි වැඩක්.

  1. ඔයාට පුළුවන් ඔයාම Present කරන video එකක් හදාගන්න. මොකද එහෙම කරන video එකක් ගොඩක් Personalized වගේම trust එකකුත් ලැඛෙනවා. හැබැයි ඔයාම present කරන්න ඕනි කියලා එකක් නම් නැහැ.
  2. ඔයාගේ කටහඩින්ම පුංචි video script එකක් හදලා කියන්න බලන්න. robo recording දාලා නම් video එක trust කරන්නේ නැහැ.
  3. Gig එක ගැන උපරිම විස්තරයක් සරලව video එකට එකතු කරන්න.
  4. උපරිම තත්පර 59 කට Gig video එක හදන්න.
  5. Gig Extras එහෙම දෙන්න තියෙනවනම්, ඒවා ගැනත් video එකේ කියන්න.

Fiverr Gig Description Creation

Gig title එක බැලූවට පස්සේ ගොඩක් දුරට බලන්නේ Gig Description එක. ඉතින් අපි අපේ Service එක ගැන සඳහන් කරන්න ඕනි. මොකද නැත්නම් අපට sales මඟ හැරෙන්න පුළුවන්. Gig Description Writing Technique කිහිපයක් තියෙනවා.

Fiverr Description

Gig Description එක ලියන layout එක වගේම ඒකට ඇතුළත් කල යුතු දේවල්  list එකක් තමයි පහළින් දාලා තියෙන්නේ. ඒවා ඔක්කොමනම් දාන්න ලැඛෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මේ අතරින් හොඳම ඒවා තෝරාගෙන Fiverr Gig Description එක ලියන්න.

  1. Fiverr Gig Description එක සම්පුර්ණ කරන්න ඔයාට ලැඛෙන්නේ අකුරු 1200ක් විතරයි.
  2. ඔයාගේ සේවය මොකද්ද කියන එක.
  3. අනිත් අය සපයන සේවාවත් එකක් සැසදීමේ දී ඔයා සපයන සේවායේ තියෙන විශේෂත්වය.
  4. ඔයා සපයන සේවයේ තියෙන ප්‍රධාන features ටික.
  5. ඔයාගේ සේවයේ තියෙන ප්‍රධාන වාසි ටික.
  6. ඔයා $5 ට මොනාද සපයන්නේ? තව වැඩි ගණන් වලට මොනාද කරන්නේ?
  7. ඔයාගේ සේවයේ free offers තියෙනවද, discounts තියෙනවද, bonuses තියෙනවද යන්න.
  8. ඔයා සපයන සේවාව සැපයීමට ඔයාට තියෙන සුදුසුකම්.
  9. ඔයාගේ සේවාව ගැලපෙන පුද්ගලයන්.

පුළුවන් තරම් ඉහත කරුණු පාචිච්චි කරලා ඔයාගේ හැම Gig  Idea එකකටම Maximum Optimized Fiverr Gig Description හදන්න.

Fiverr Gig Tag Selection Technique

ඔයාගේ Gig එක Fiverr Search එකේ හොයද්දී උඩට එන්න උදව් කරන feature එකක් තමයි Fiverr Gig tags කියන්නේ. ඔයා දෙන Services එකට ගැලපෙන ඔක්කොම tags ගහන්න පුළුවන්නම්, ඔක්කොම කිව්වට ඔයාට ගහන්න පුළුවන් tags 5ක් විතරයි. ඒ නිසා හොඳම tags 5 තෝරගන්න.

ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව publish කරන්න.

දැන් ඔයා දන්නවා Fiverr Business එකක Fiverr Gig කීියක් දානවද, ඒ Gig එකක තියෙන අත්‍යාවශ්‍ය දේවල් මොනාද කියලා.

  • Gig title
  • Gig images 3
  • Gig Description
  • Tags
  • Buyer instruction
  • Gig video

Fiverr Gig Creation

දැන් අපි හදාගත්ත ඔක්කොම එකතු කරලා Fiverr Gig එක හදාගමු.
මුලින්ම Fiverr.com ගිහින් username & password ගහලා log වෙන්න. ඊට පස්සේ උඩම menu එකේ Gigs වලට ගිහින් CREATE A NEW GIG වලට ගිහින් gig එක සෑදිය හැකිය.

new-gig

Fiverr Gig Creation Title & Category

Fiverr එක කැමතියි Fiverr Gig title එක නිතරම “Just Perfect” කියන එකේ තියාගන්නවනම්.

ඊට පස්සේ ඔයා Gig එක හරහා දෙන්න සුදානම් Service එකට හොඳටම ගැලපෙන Category එකයි Sub-Category එකයි තෝරගන්න.

Service type – ඊළගට මොන වර්ගයට අදාළ සේවාවක්ද ඔබ සපයන්නේ යන්න තෝරන්න.

gig-title

Gig metadata – කුමන industry වලට අදාළව ඉලක්ක වෙන gig එකක් යන්න සහ යොදාගැනෙන භාෂාවන් ගැන සදහන් කළ යුතුය.

Search tags – පෙර පැහැදිලි කල පරිදි ගැලපෙන විදියට tags යොදාගන්න. මේ ගැන අදහසක් ඔබට ඔබේ සේවය සපයන අනිත් අයගේ gig බැලුවා නම් අදහසක් ලබාගන්න පුලුවන් තවදුරටත්.

මීලගට මිල ගණන් $5 සිට ආරම්භ කළ හැක. අරභක අවදියේ ඔබට $995 දක්වා උපරිම මිළක් දක්වා සේවය විකිණිය හැකියි. ඔබ සපයන සේවය package 3ක් විදියට හෝ එහෙම නැතිනම් package එකක් විදියට සිදුකරගත හැකියි.

Add Extra Services – ඔබේ package මගින් ලබා දෙන අමතර සේවයන් ඇත්නම් වෙනම එකතු කළ හැකියි.

fiverr-pricing
fiverr-pricing

මීලගට අපි කලින් කතා බහ කළ Description එක නිසි පරිදි ගැලපෙන විදියට සහ කියවන්න පහසු ආකාරයට විස්තර කරන්නයි තියෙන්නේ.
Frequently Asked Questions – විකල්පය මගින් ඔබට ගැනුම් කරුවන් නිතර අසාවි යයි සැලකෙන ප්‍රශ්න කීපයක් සහ පිළිතුරු කලින්ම සපයා සිටිය හැකියි. නමුත් මුල් කාලයේ මෙම පහසුකම ප්‍රධාන පෙලේ ප්‍රශ්න වලට යොදා නොගැනීම යහපත් දෙයක් ලෙස සලකන්න පුලුවන්, මොකද වැඩි දෙනෙක්ට එවිට ඔබට message කර ඒ ගැන අසන්නට වෙන නිසා.

Requirements – ඔබේ සේවාව කිරීම සදහා මුදලට අමතරව ඔබට ගනුම්කරුගෙන් අවශ්‍ය කරන කරුණු ගැන මෙහි සදහන් කළ යුතුයි. මෙය පැහැදිලිව සදහන් කිරීම ඔබට පහසු වේවි order එකක් ලැබුණු වහාම වැඩ කිරීම ආරම්භ කිරීමට.

Build Your Gig Gallery – පෙර කතා කල පරිදි ඔබ සුදානම් කරගත් images & video or PDF ආදිය යොදාගන්න.

ඉන්පසු කිරීම තමයි කරන්න තියෙන්නේ.

Orders ඉක්මනට ලබා ගන්න කළ හැකි කාරණා, Fiverr තුළ සාර්ථක වීම සහ Fiverr Gig SEO ගැන වැඩිදුර ඉද්රියේදී කතා කරමු.

No comments:

Post a Comment