අන්තරජාලයෙන් මුදල්.. නිවසේ සිටම රැකියාවක්.. මාසෙකට 40,000ක් හොයන්න.. මාසෙකට 80,000ක් හොයන්න... ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න..
මන් හිතනව මේ වදන් ගොඩක් අයට පුරුදු ඇති කියල.. ගෙදර ඉඳන් මාසෙකට ලක්ෂයක් හොයන්න කවුද අකමැති නේද... එහෙම දැකපු ගමන් හැමෝම බලනව මොකද්ද මේ කියල. හරි.. දැන් මාතෘකාවට එමු..
දැන් කාලෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය පෙලඹිල ඉන්නව. ඒ හැමෝම මේක ගැන හොයන්නෙ අනිත් මුදල් උපයන ක්රම වලට වඩා මේක පහසු දෙයක් කියල හිතල.. ඒත් ඇත්තටම මේක පහසු දෙයක්ද? ඔව්.. පහසුයි තමා, හැබැයි පටන් ගත්ත ගමන් නෙමේ. මේ field එකේ මුලින් ටිකක් මහන්සි වෙලා කට්ට කාල ඉවසීමෙන් වැඩ කරල හොඳට පදම් වෙච්ච අයට ටික කාලෙකට පස්සෙ මේක පහසු දෙයක් වෙනව.
මන් අහල, දැකල තියනව ගොඩක් මේ Internet money කරන්න ආපු අය ඒක වැඩක් නෑ කියල හෙම්බත් වෙලා වැඩේ අතහැරල දානව. ඒ අයට එහෙම වෙන්නෙ ඇයි? එහෙම කරන්න එක හේතුවක් තමා ඉවසීම නැති කම. තව දෙයක් තම පටන් ගත්ත ගමන් තමන් හිතන තරම් මුදලක් අතට නොලැබෙන එක. අනිත් එක හිතන තරම් ඉකමනට මුල් කාලෙදි සල්ලි ඉක්මනට ගන්න බැරි වෙන එක. ලොකුම දේ තමා Internet money කියල කරන දේවල් වලින් සල්ලි ගන්න බැරි දේවල් කරන්න උත්සහ කිරීම. ගොඩක් වෙලාවට ඒ දේවල් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල හිතෙන ඒව. ඒ අයට මෙහෙම වෙන්නෙ ඇයි කියල මන් ඉස්සරහට කත කරන්නම්. Internet එකෙ සල්ලි හොයන්න පුළුවන් ක්රම මොනවද? සරලව පටන් ගමු.
Good
ReplyDelete